Wednesday, November 28, 2018

මොරටුවේ විදුලි රේසින් කාරයට ජනපතිගෙන් මිලියන 06 ක්.





මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ සිසුන් පිරිසක් විසින් ජර්මනියේ පැවැත්වෙන "ෆෝමියුලා ස්ටුඩන්ට් 2019" මෝටර් රථ තරගාවලියට ඉදිරිපත් කිරීම සදහා නිර්මණය කරන විදුලි බලයෙන් ක්‍රියාත්මක රේසින් මෝටර් රථයේ ඉදිරි නිර්මාණ කටයුතු සදහා රුපියල් මිලියන 06 ක මුදල් පරිත්‍යාගයක් සිදු කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් පැවැත්වෙන මෙම සුවිශේෂ තරගාවලිය 2019 අගෝස්තු මාසයේ දී ජර්මනියේ හොකන්හයින්හිදී පැවැත්වෙන අතර අන්තර්ජාතික මෝටර් රථ ඉංජිනේරුවන්ගේ සංගමය එය සංවිධානය කරයි. 

නව මෝටර් රථයේ නිර්මාණ කටයුතු 2019 අගෝස්තු මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂිත අතර, පැවති මූල්‍ය දුෂ්කරතාවය හේතුවෙන් එම සිසුන් මහත් අසීරුතාවයට පත්ව සිටියහ.

නවෝත්පාදනයෙන් ඉදිරියට යමින් දැයේ දරු පරපුරට හෙට ලොව දිනන්නට නිරන්තරයෙන් අනුග්‍රහය ලබාදීමට කටයුතු කරන ජනාධිපතිතුමා සිසුන්ගේ ඉල්ලීම පරිදි මෙම මුදල් පරිත්‍යාගය සිදු කිරීමට පියවර ගත් අතර, අදාළ චෙක්පත කණ්ඩායම් නායක නිරංග මයුරන් සිසුවා වෙත පිලිගැන්වීය.

අනතුරුව ජනාධිපතිතුමා සිසුන් කණ්ඩායම සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

Followers