Friday, February 12, 2016

ඒ ලෝකඩ පදක්කම ඔලිම්පික් රන් පදක්කමකට වඩා අගනේය.


 

ජාතික වෙඩි තැබීමේ කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව ආවේ ජනේරු 25 වැනිදාය. සාග් තරගාවලියට පෙර ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියට මුහුණ දීම ඔවුන්ගේ ගමනේ අරමුණ විය. ඒ අව් අස්සේ අවසන් අභිප්‍රේරණ දේශනය ළමුන් වෙනුවෙන් පවත්වන්නැයි මට වෙඩි තැබීමේ සංගම් පරිපාලනයෙන් ඉල්ලීමක් ලැබිණ. ඒ අනුව මම 23 වැනිදා වැලිසර වෙඩි පිටියේ දී ඔවුන් හමුවූයෙමි.දේශනය නිමාවේ දී සාමාන්‍යයෙන් ළමුන්ට පෞද්ගලිකව මා හමුවීමට අවස්තාවක් දීම මගේ සිරිතය. ඒ අනුව නාවික හමුදාවේ එගොඩවෙල මා අබිමුව පෙනී සිටියාය. ඈ සිටියේ දැඩි පීඩනයක බව මට හැගිණ. ඈ එය පිටකරගත නොහී අඩන්නට වූවාය. ඉකිබිදුම අතරින් කදුළු කැට කඩා හැලෙද්දී මගේ දෑස ද තෙත් විය. 



25 වැනි දා පස්වරු 2 ට වෙඩි තැබීමේ කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබූ අතර, ඒ වනවිටත් ඇගේ තුන්මස් නිවුන් දරුවන්ට වීසා ලැබී නොතිබිණ. නිවුන් දරුවන් මවගේ කිරි හැර වෙනත් කිරි වර්ග ප්‍රතික්ෂේප කිරීම නිසා දරුවන් හැර දමා යා නොහැක. ඇගේ සහයට ඈ සමග යන්නට සිටි ඇගේ සැමියා දිල්රුක් සියළු වෙර දැරීමෙන් පසු 22 වැනි සිකුරාදා දරුවන්ගේ ගමන් බලපත්‍ර ලබාගෙන තිබුණ ද වීසා නිකුත් කිරීමට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන් නියම කර තිබුණේ සදුදාටය. එය මව සමග පිටත්ව යාමට දරුවන්ට ඇති අවස්තාව අහිමි වීමක් වන අතර, මව නැතිව දරු දෙදෙනා සමග පමණක් ගුවනට නැගීම දිල්රුක්ට කල හැක්කක් නොවීය. එක්දින වීසා නිකුත් කිරීමට ඔවුන්ගෙන් රුපියල් 44000 ක් ඉල්ලා තිබූ අතර
එගොඩවෙල මේ තරගාවලියට සුදුසුකම් ලබා තිබුණේ දරු ප්‍රසූතියෙන් මාස එකහමාරකට පසු පැවති ජාතික ශූරතාවේදීය. සැත්කමෙන් වූ තුවාල පැසවා වේදනාවෙන් වෙලෙද්දී ඉලක්කය ලබාගත් එගොඩවෙල මෙතැනදී පසු බැසීම මගේ අපේක්ෂාව නොවීය. මෙතරම් මානසික පීඩනයක් මැද ඈ කෙසේ නම් ඉලක්කය ලබා ගන්නද?"පොඩ්ඩක් ඉන්න පුතේ. අපිට විකල්පයක් තියෙනවා. අපි ඒකට උත්සාහ කරමු. ඔයා 25 හවස ප්ලේන් එකට නගිනවා. හැබැයි බබාලා දෙන්නා එක්ක. මාව විශ්වාස කරන්න."




අනතුරුව දුරකතනයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ඇමතූ මම ප්‍රශ්නය පැහැදිලි කල අතර, ඔහු එය මනාව තේරුම් ගත්තේය. වෙඩි තබන්නියගේ මානසික සුවය මට වැදගත් බවත, ඒ සදහා සදුදා උදෑසන 10 වනවිටවත් වීසා ලබා ගැනීම අවශ්‍ය බවත් මම පැහැදිලි කල අතර අමාත්‍යවරයා සදුදා අළුයම තමා අමතා සියලු තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.සදුදා දිනය තීරණාත්මක වූ අතර එගොඩවෙල ගුවන් තොටුපලට පිටත්ව ගියේ දරුවන් නොමැතිවය. උදෑසන 08 වනවිට ඇගේ ක්‍රීඩා උපකරණ ක්ලියරන්ස් සදහා යොමු කල යුතුව තිබිණ. ඒ අතරතුර අමාත්‍යවරයා මහ කොමසාරිස්වරයා අමතා හැකි ඉක්මනින් දරුවන්ට සහ සැමියාට වීසා ලබා දෙන්නැයි ඉල්ලා තිබිණ. දහවල් 12.30 පමණ වනවිට දුරකතනයෙන් මා ඇමතූ එගොඩවෙල ගුවන් තොටුපලේ සිටි තමා සමග දරුවන් එක් වූ බව සතුටු කදුලු වගුරුවමින් දැනුම් දුන්නාය. ඊයේ ගුවහාටි වෙඩි පිටියට පැමිණි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හමුවේ ඈ ප්‍රණාමය පුද කර හඩන විට මගේ මෙන්ම අමාත්‍යවරයාගේද දෑස් කදුලින් පෙගී ගියේය. ඊයේ රාත්‍රී මා ආදිත්‍යා හෝටලයේ දී කුඩා වෙඩික්කරුවන් දෙදෙනා බැහැදැකීමට යද්දී උන් වෙඩික්කාර අම්මාගෙන් බඩ පැලෙන්නට කිරි බී සුවසේ නිදමින් උන්හ.
සාග් යනු රන් පදක්කම් පිළිබද කතාවක් පමණක් නොවේ.කණ්ඩායමක් ලෙස වැඩ කිරීම, අනෙකාගේ දුක තේරුම් ගැනීම වැනි බොහෝ දේද ඊට අන්තර්ගතය. මීට දින කිහිපයකට පෙර ලැබූ රිදී සහ ලෝකඩ පදක්කම් ගර්හාවට ලක් කල පෝස්ටුවක් බුකියේ දුටු අතර එවැන්නන්ට කීමට ඇත්තේ හැම පදක්කමක්ම පිටුපස මෙවැනි කදුලු කතාවක් පවතින බවය. එබැවින් එගොඩවෙල දැනටමත් දිනා ඇති සාග් ලෝකඩ පදක්කම මට නම් ඔලිම්පික් පදක්කමකට වඩා අගනේය. 


obtained from Facebook 

Dr Anuruddha Padeniya full speech at the massive rally againts ECTA



Thursday, February 11, 2016

හිමාලයේ 'යෙටී' නැවතත් කරළියට




විටින් විට හිමාලයානු පෙදෙසෙන් දෝංකාර දෙන හඬ අත්භූතය. ඇතැම් විට හිම කඳු තරණය කරන්නට යන මිනිසුන් මේ අත්භූත සෙවණැල්ලට භිය වූ වාර අනන්තය. සීතල හිම ශිඛර මත අවතාරයකට මිස මිනිසෙකුට ගමන් කළ නොහැකි බව මිනිසුන් තව දුරටත් තර්ක කරන්නට විය. බංග්ලාදේශයේ දේශ සීමාවේ පිහිටි හිමාලයානු කඳු වැටිය තුළ සිදු වූ මේ අත්භූත ජනක සිදු වීම් පිළිබඳව විද්‍යාත්මක අවධානය වැඩි වැඩියෙන් යොමු වෙන්නට විය.පසුගියදා අනාවරණය වූ තොරතුරු වලට අනුව, හිම ශිඛර අරක්‌ ගත් අවතාරය ගැන විද්‍යාත්මකව අනාවරණය විය. තව දුරටත් ඔහු අවතාරයක්‌ නොවන අතර, Yeti හෙවත් හිම මිනිසෙකු බව විද්‍යාත්මකව අනාවරණය කර ගන්නට විද්‍යාඥයන් පිරිසක්‌ සමත් වූහ.

හිම ස්‌ථර මත තබා ගිය Yeti ගේ අඩි සලකුණු අනුව යමින් පරීක්‌ෂණ මෙහෙය වූ විද්‍යාඥයන් මේ ගැන පසුගිය දා අනාවරණය කළහ.ශරීරය පුරා ඝණව වැවුණු තද දුඹුරු පැහැති රෝම ඇති බවත්, හිස මෙන්ම මුහුණ පුරා මේ රෝම පැතිරී තිබේ. සාමාන්‍ය මිනිසෙකුගේ උසට වැඩී ඇති මේ හිම මිනිසාගේ දෙපා තරමක්‌ දුරට වානරයකුගේ ස්‌වරූපයක්‌ ගනී. බොහෝ දුරට සුනඛයෙකුගේ හෝ බිලාල වර්ගයේ සත්වයකුගේ මුහුණකට සමාන කම් කියන, මේ හිම මිනිසාට තරමක දරුණු පෙනුමක්‌ ඇති බව වාර්තා වීය.අධික බෑවුම් ප්‍රදේශවල ජීවත් වෙන බවට එම ප්‍රදේශ වලට සාමාන්‍ය මිනිසෙකුට හෝ සිව් පාවෙකුට ළඟා විය නොහැකි නිසා අවිවාදයෙන් මෙම අඩි සලකුණු හිම මිනිසාගේ බව ප්‍රත්‍යක්‌ෂ වී ඇත.

මීට වසර 100කට පමණ පෙර වාර්තා වුණු Yeti මේ ලෙස වාර්තා වීම විද්‍යාත්මක ඉතිහාසයේ ජයග්‍රහණයක්‌ විය. 1921 දී, රාජකීය භූගෝලීය විද්‍යාඥයන් පිරිසක්‌ මේ Yeti වරු ජීවත් වූ බවට ගවේෂණය කර තිබූ අතර ඒ පිළිබඳව ප්‍රමාණවත් සාධක සොයා ගැනීමට නොහැකි වීය. කෙසේ වෙතත් එකල ඔවුන් සොයා ගන්න ලද තොරතුරු වලට අනුව එම හිම මිනිසා Abominable snow man නමින් හැඳින් විය.ඒ ලෙසට 1954 දී ගවේෂණාත්මක භූගෝල හා සත්ව විද්‍යාඥයන් කණ්‌ඩායමක්‌ හිමාලයානු කඳු වැටියේ මාසයක කාලයක්‌ නතර වී හිම මිනිසුන් පිළිබඳව ගවේෂණාත්මකව පරීක්‌ෂණ කළත් ඒ පිළිබඳව කරුණු සොයා ගැනීමට ඔවුන්ට නොහැකි විය. නමුත් මේ ලෙස ජීවමානව ජීවත් වෙන හිම මිනිසෙක්‌ පිළිබඳව සාධක සොයා ගැනීම සැබවින්ම විද්‍යාඥයන් ලැබූ විශිෂ්ට ජයග්‍රහණයකි.Jon Downes නමැති සත්ව විද්‍යාව පිළිබඳව විද්‍යාඥයන් තව දුරත් දීර්ඝ කාලීනව මේ ගැන පරීක්‌ෂණ කරන බව ප්‍රකාශ කර ඇත.

Channel 4 නමැති රූපවාහිනි නාලිකාවෙන් මේ පිළිබඳව සඟරාමය වැඩ සටහනක්‌ කිරීමට අපේක්‌ෂා කරන අතර එම වැඩ සටහන මෙම වසර අවසානයේදී විකාශය වීමට නියමිත බව ඔවුහු ප්‍රකාශ කර සිටියහ.
Ö වින්ධ්‍යා හාරිස්‌පත්තුව

Tuesday, February 9, 2016

A letter from Kishani's husband


Dear Friends,
Thank you deeply for your tremendous support for Kishani in response to the highly politicized criticisms of her operatic rendition of Danno Budunge.
Kishani is a Buddhist; this is not something which she keeps on her head to show others, but follows with her heart, respecting all religions. So those who say that she Christianized a traditional Sinhala song, despite singing it in the same melody with the exact original lyrics written by John De Silva, who happens to be related to her, is ingenuous. As for her political beliefs, unlike me she's very private about them, other than advocating for greater female representation in the Sri Lankan parliament, which currently is less than 5%.
Singing a song in opera does not make it Western or Christian, if that was so everything written or said in English or Italian should be considered as such. Singing a Sinhala song in opera is not an insult to the Sinhala language, yet some people seem to think so. I have seen many asking why this is so, but failed to see a proper response. Apparently to some Sinhala music should be restricted to lower voice registries.
People who try to find fault, say that Danno Budunge should only be sung in its original form. However, there is plethora of evidence shared by those willing to actually check facts before making a statement, that this song has metamorphosed since it was first sung back in 1903. Pandit Amaradeva's version is far different from Hurbet Rajapaksa's version, and yet again different from Rukmani Devi's version. Kishani's version has only breathed new life to this beloved Sinhala song. Google trends shows that the search for 'Danno Budunge' is at its highest ever since she sang it.
Some say that it should not have been sung at Independence Day, for the Independence Day is a time to showcase Sri Lankan talent. Yet, here we have, a Sinhala Buddhist woman, the former Head Prefect of Sri Lanka's leading Buddhist Girls' school Viskha Vidyalaya, who has mastered a revered and exalted form of singing - Opera, who has gained international fame and recognition, who sang a beloved Sinhala song in opera, wearing a traditional saree, in gold and maroon nonetheless, in dignified demeanor, meaningfully and respectfully, is vilified by a segment of her very same people, for petty political reasons, which has nothing to do with her.
One has to wonder, are we truly independent? When will our mental shackles be finally removed?
With all this focus on her rendition of Danno Budunge, many are perhaps unaware that Kishani sang 6 songs that evening; Danno Budunge, Matara Gange, Doiya Baba, Badagini Wela, Namo Mariane, and her composition in English set to the music of Puccini's Nessum Dorma, which she ended with the words 'It's time to soar, time to soar, time to soar!', and soar she will, thanks to all of you.
with love
Kaveenga (husband of Kishani)
PS. As you may have realized, Kishani has been silent about this whole incident. All the posts on this page [Kaveenga's Facebook page], including this, have been solely mine. She is never one to self promote herself. Even when I ask her as to how she feels, her response has been 'as performing artists we are always creating and learning, trying new things, blame and fame are part of our life, this is the 'ashta loka dhamma' the Buddha taught.'

From the facebook page

Monday, February 8, 2016

නංගි වෙනුවෙන් බෙලි අටක්‌ කපා වසර 129 කට හිරේ ගොස්‌ අනුරාධපුරයේ නිදහසේ ඇවිදින හිතුමතේ ජීවිතේ






පාසල නිමවී නිවසට යමින් සිටි පහළොස්‌ හැවිරිදි පී. ඩී. කුසුමාවතී කිසියම් පිරිසක්‌ විසින් මහ මඟදී පැහැරගෙන ගියේ ඇයගේ යෙහෙළියගේ විලාප හඬත් සමඟය. ඒ 1972 මැයි මස 28 වැනි දිනදීය. කළුතර දිස්‌ත්‍රික්‌කයේ අවුරුදු කුමාරිය තේරීමේ තරගයෙන් ප්‍රථම ස්‌ථානය හිමිකරගත් කුසුමාවතී අවුරුදු කුමරිය ලෙස කිරුළු පළ¹ ගතවූයේ දින කීපයක්‌ පමණි. ඇය පැහැර ගෙන යාම රට පුරා මහත් ආන්දෝලනයක්‌ ඇති කළේය.

කළුතර ගෝනදූව මොරන්තුඩුව ප්‍රදේශයේ ජීවත් වූ කුසුමාවතී වරාය සේවකයකු වූ පී. ඩී. විල්සන් පෙරේරාගේ හා එවකට මීගමුව රෝහලේ සේවය කළ හෙදියකගේ දරුවා වූවාය. ඇයට සිටි එකම සහෝදරයා වූයේ පී. ඩී. සුමතිපාලය. අ.පො.ස. (උ.පෙළ) නිමා කළ සුමතිපාලගේ වයස මේ වන විට අවුරුදු දාහතක්‌ විය. නැගණියගේ අතුරුදන්වීමෙන් කම්පාවට පත් මව්පියන් හා සුමතිපාල එදාම කළුතර පොලිසියට ගියේ මේ බව පැමිණිලි කිරීමටය. 

එහිදී පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා සුමතිපාලට කිව්වේ"අයිසේ තමුසෙගෙ නංගි කොල්ලෙක්‌ එක්‌ක පැනල ගිහිල්ල අවුරුද්දකින් විතර එයි දරුවකුත් අරගෙන"මෙයින් දැඩි කම්පාවට පත් සුමතිපාල "මගේ නංගී වැදගත් විදිහට ජීවත් වුණේ කවදාවත් ඒක වෙන්න බැහැ" යනුවෙන් පවසා ආපසු නිවසට පැමිණ තම නැගණියට සිදුවූ දේ කෙසේ හෝ හොයාගන්නවා යනුවෙන් දැඩි තීරණයකට පැමිණියේය. ඉන් අනතුරුව නැගණිය සමග ගිය යෙහෙළිය වූ ලීලාවතී හමුවී සියලු තොරතුරු දැනගත්තේය. එහිදී නංගි පැහැරගත් වාහනය පදවා ගෙන ආ රියෑදුරා පිළිබඳව යම් හෝඩුවාවක්‌ ලබා ගැනීමට සුමතිපාල සමත් විය. අවසානයේ රියෑදුරා නිශ්චිතවම හඳුනා ගැනීමට ඔහුට හැකිවීමත් සමග මහ අපරාධයක සුල මුල හෙළිකර ගත්තේය. එහි අවසානය වූයේ පුද්ගලයන් අට දෙනකු ඝාතනය කර වසර හතළිස්‌ හතරක්‌ හිරබත් කෑමට සුමතිපාලට සිදුවීමය. තම නැගණිය වෙනුවෙන් සිරගෙට ගිය මේ සහෝදරයා පසුගියදා නිදහස්‌ විය. අද වන විට ඔහුට යන්නට ඉන්නට තැනක්‌ නැත. සුමතිපාල නම්වූ හැටඑක්‌ වියෑති මේ පුද්ගලයා අනුරාධපුර නගරයේ මැදින් ජයශ්‍රී මහ බෝධිය වෙත යමින් සිටියදී පාඨකයන් වෙනුවෙන් ඔහු සමග කතා කරන්නට හැකිවූයේ හිතවත් වෙළෙඳ ව්‍යාපාරිකයකු මගිනි.
වැට මායිමට ඇන කොටා ගන්නා සහෝදරයන් සිටින අද සමාජයේ තම එකම සහෝදරිය වෙනුවෙන් මුළු ජීවිතයම සිරබත් කෑ මේ අපූරු මිනිසාගේ අනුවේදනීය හා විශ්මය ජනක කතාව මෙතැන් සිට ඔහුගේ වචනයෙන්ම සටහන් කරමු.

සිය පපුවේ "හිතුමතේ ජීවිතය" යනුවෙන් පච්චයක්‌ද ඔහු කොටගෙන ඇති අයුරු පැහැදිලිව දැකගත හැකිය. දැන් ඔහුගේ කතාවට සවන් දෙමු.නංගිගේ යෙහෙළිය වූ ලීලාවතීගෙන් දැනගත් තොරතුරු අනුව මම රියෑදුරා නිශ්චිතව සොයා ගත්තා. පස්‌සෙ දින ගණනක්‌ රැකල ඉඳලා රබර්වත්ත මැදින් ඔහු එද්දී පිහිය බෙල්ලට තියල "ඇත්ත කියපං මම උඹව මරන්නෙ නැහැ කිව්ව" මම ඔහුගේ ඇඟේ දෙපොලක්‌ විතර පිහියෙන් කැපුව. ඒ පාර ඌ මට ඇත්ත කිව්ව. මගෙ නංගි කළුතර බෝධිය ළඟදී පැහැරගෙන ගිහිල්ල දූෂණය කරල නාත්තණ්‌ඩිය කනත්තකදී පුච්ච දාල තියෙනවා. මේකට පොලිසියේ ඕ.අයි.සී, මන්ත්‍රී කෙනෙක්‌, උළු මුදලාලි කෙනෙක්‌, විදුහල්පතිවරයෙක්‌, මස්‌කඩ මුදලාලි කෙනෙක්‌ හා ඕ.අයි.සී. ගේ මස්‌සිනා කෙනෙක්‌ වන හෝටල් හිමියකුත් සම්බන්ධවෙලා තියෙනවා. පස්‌සේ මම රියෑදුරාගේ තොරතුරු අනුව නාත්තණ්‌ඩිය කනත්ත හොයාගෙන ගියා. මට තැන හොයාගන්න පුළුවන් වුණා.

එතන තිබිල නංගි කරේ දාගෙන හිටපු ෙච්න් එකයි සුරයයි හමුවුණා. සුරය ඇතුලෙ තිබුණ තඹ කොළේ නංගිගෙ නම ලියල තිබුණා. මම ආපහු ආවා. මේ බව අම්මටත් තාත්තටවත් කිව්වේ නැහැ. පහුවදා ගියා පොලිසියට. ඕ.අයි.සී. වාඩිවෙලා හිටියා. මම කිව්ව මටයි උඹටයි බේරගන්න ගනුදෙනුවක්‌ තියෙනව කියල. එතකොට ඕ.අයි.සී. පිස්‌තෝලය අතට ගන්න හැදුව මම ඉස්‌සර වුණා. මම අරගෙන ගිය රා කපන පිහියෙන් ඕ.අයි.සී. ගෙ හිස කඳින් වෙන්වෙන්න කැපුව. පොලිසියේ අනිත් අය දිව්වා. මම හිසත් අරගෙන පයින්ම පොලිස්‌ අධිකාරි ළඟට ගිහින් හිස පෙන්නුව.

"මම හිතුව ඕක වෙයි කියල. ඔහෝම ඉඳගන්න කිව්වා."

පස්‌සේ මාව නඩුකාරයා ළඟට අරන් ගියා. නඩුකාරය මගෙන් විස්‌තර අහල මාත් එක්‌ක නාත්තණ්‌ඩිය කනත්තට ගිහින් එතන පරීක්‍ෂා කළා ඊට පස්‌සේ මාව මීගමුව බන්ධනාගාරයට දැම්මා. මම එහිදී දින කීපයකට පස්‌සේ හිරෙන් පැන්න. දින ගාණක්‌ රැකල ඉඳල මන්ත්‍රී හොයාගෙන බෙල්ල කැපුවා. හිසත් අරන් පොලිසියට ගියා. භාර වුණා. ඊට පස්‌සේ මාව මහර හිරගෙදරට යෑව්වා. එහිදී හිරෙන් පැන්නා. දින ගාණක්‌ ගමේ හැංගිල ඉඳල විදුහල්පතිගෙ බෙල්ල කැපුව. හිසත් අරන් ගිහින් පොලිසියට භාර වුණා. ඊට පස්‌සේ මාව යෑව්වා අනුරාධපුර බන්ධනාගාරයට. එහේ මාස ගාණක්‌ හිටියා. මට එහිදී "මරුසිරා" හමුවුණා. පස්‌සේ මම මරුසිරා එක්‌ක හිරගෙදරින් පැනල ගියා. ඒ ගිහින් දින ගාණක්‌ හැංගිල ඉඳල මස්‌ කඩ මුදලාලි අල්ලගෙන බෙල්ල කැපුවා. හිසත් අරන් ගිහින් පොලිසියට භාර වුණා. පස්‌සේ මාව යෑව්ව යාපනේ හිරගෙදරට. මාස කීපයකට පස්‌සේ හිරෙන් පැන්නා. ඇවිත් දින ගාණක්‌ රැකල ඉඳල උළු මුදලාලිගේ බෙල්ල කැපුවා. හිසත් අරන් පොලිසියට භාර වුණා. ඊට පස්‌සේ මාව දැම්මා පොළොන්නරුව හිරගෙදරට. එහිදී මට "පොඩි විඡේ" හමුවුණා. මම පොඩි විජෙත් එක්‌ක හිරෙන් පැන්නා. රයිෆල් දෙකකුත් අරගෙන පැන්නේ. ඒ ඇවිත් ඕ.අයි.සී.ගෙ මස්‌සිනා වන හෝටල් හිමිය අල්ලා ගත්තා. උගෙත් බෙල්ල කපල අරන් පොලිසියට ගිsහින් භාර වුණා. ඊට පස්‌සෙ මම දැම්මා බෝගම්බර හිරගෙදරට. එහෙත් මාස ගාණක්‌ ඉඳල පැනල ඇවිත් දින ගාණක්‌ රැකල ඉඳල රියෑදුරා මැරුවා. බෙල්ල කපල හිසත් අරන් ගිහින් පොලිසියට භාර වුණා. මම මහර බන්ධනාගාරයට දැම්මා. හිරේ ඉන්න කාලේ පොලිසිය හිරගෙදරට එව්වා ගංජා ලක්‍ෂ්මන් කියල කෙනෙක්‌ මාව මරන්න සැලසුම් කරල. මිනිහ මට පිහියෙන් ඇන්නා. මම පිහිය උදුරගෙන ඌ මරල දැම්මා. හැමදාම උසාවිවලට අරන් යනව නඩු අහන්න.
1975 මැයි මාසෙ හත්වැනිදා මාව එල්ලා මරන්න නියම වුණා.

මරන්න නියම වුණ දිනට පෙරදින අම්ම ආවා මාව බලන්න.අම්මා මාව දැකල පපුව පැලිල හිරගේ තුළම මැරුණා. මම ඒ වෙලාවේ බත්කන බෙලෙක්‌ පිඟාන හතරට කඩල කෑල්ලකින් මගේ බඩ පලා ගත්තා. බඩවැල් අරගෙන බෙල්ලවටේ දාගත්තා. මාව ඊට පස්‌සේ ඉස්‌පිරිතාලෙ අරන් ගිහින් බෙහෙත් කළා. පහුවදා මාව මරන්න තිබුණ නිසා බන්ධනාගාර නිලධාරීන් ඉස්‌පිරිතාලෙට ඇවිත් මාව ගෙනියන්න හැදුව. ඒත් දොස්‌තර මහත්තුරු මාව ගෙනියන්න දුන්නේ නැහැ. පස්‌සේ මාව බලෙන් අරන් ගියා.

ඒ පාර දොස්‌තරලා වැඩ වර්ජනය කළා. එල්ලලා මරන්න විනාඩි පහක්‌ තියෙද්දී විලියම් ගොපල්ලව ජනාධිපතිතුමාගෙන් නියෝගයක්‌ ආවා එල්ලා මරන්න එපා කියල. මාව ආපහු ඉස්‌පිරිතාලෙට අරන් ගියා. කරපු වැරදිවලට අවුරුදු එකසිය විසිනවයක්‌ හිරදඬුවම් ලැබුණා. අවුරුදු හතළිස්‌ දෙකක්‌ම හිරගෙදර හිටියා. ඊට පස්‌සේ මම මාරාන්තික උපවාසයක්‌ කළා. මාව නිදහස්‌ කරන්න නැත්නම් එල්ලා මරන්න කියල. දවස්‌ පහළොවක්‌ වහලෙ උඩ හිටියා. මට අමාරු වුණා. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහත්තය හෙළිකොප්ටරයක්‌ එවල මාව කොළඹ ඉස්‌පිරිතාලෙට දැම්මා. මාස ගාණක්‌ හිටිය. හොඳ වුණේ නැහැ. ඊට පස්‌සේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මාව ඉන්දියාවේ රෝහලකට යෑව්වා. ඒ ගිහින් පසුගිය දෙසැම්බර් 28 වැනිදා ලංකාවට ගෙනත් පේරාදෙණියේ රෝහලේ ප්‍රතිකාර ගත්ත. ගිය සතියේ ටිකට්‌ කපල මට යන්න කිව්ව. ඒත් මට දැන් යන්න තැනක්‌ නැහැ. මාව කිසි කෙනෙක්‌ අඳුරන් නැහැ. ජනාධිපතිතුමා මට රුපියල් ලක්‍ෂ පහක්‌ දුන්නා. ඒක දාන්න බැංකු පොතක්‌ අරගෙන අංකය අරන් එන්න කිව්වා. මට මිට්‌සුබිසි සමාගමෙන් කාරෙකක්‌ දුන්නා. මේ තියෙන්නේ යතුර. ඒක තාම ගත්තේ නැහැ. ඒකේ ලියාපදිංචි වැඩ ඉවුර වුණාම ලැබෙනවා යෑයි දිගකතාවක්‌ කෙටියෙන් පවසා සිටියේ තම නැගණිය වෙනුවෙන් වයස අවුරුදු දාහතේදී කැපවූ ඔහු තම යුතුකම නිසිලෙස ඉටුකළා යන හැඟීමෙන් යුතුවය.

සියල්ල එසේ වුවද කුඩා බෑගයක වටිනා ඡායාරූප, සහතික හා ඔහු පිළිබඳ පළවූ පුවත්පත් වාර්තා කීපයක්‌ද පමණක්‌ ඔහු අත ශේෂව තිබිණි. හෙට දවස ගැන කිසිත් අපේක්‍ෂාවක්‌ නැති ඔහු දැන් රෝගාතුරය. මහලුය. එහෙත් ඔහුගේ පපුවේ කොටා ඇති "හිතුමතේ ජීවිතේ" යන අකුරු ඔහු මියෙනතුරු නොමැකෙන ලෙස සටහන්ව ඇත. මතු දිනක ඔහුගෙන් කුරා කුහුඹියකුගේවත් ජීවිතයකට හානියක්‌ නොවන බව නම් ඉඳුරාම කිව හැකිය.

හෙට දවස ගැන අමුතු හැඟීමක්‌ ඔහු සතුව නැත. වසර හතළිස්‌ දෙකක්‌ හිරබත් කෑ ඔහුගේ යෞවනයම සිය නැගණිය වෙනුවෙන් කැප කළාය. අද ඔහු ඒ සියල්ල අභිමානයෙන් යුතුව සිහිපත් කරන්නේ මහත් සැහැල්ලුවකිනි. අවසාන වශයෙන් ඔබ දැන් යන්නේ කොහෙදැයි මම විමසා සිටියෙමි. "මම අද ජයශ්‍රී මහ බෝධියට ගිහින් එතන ඉන්නවා" යෑයි පවසා මගෙන් සමුගෙන නගරය ඔස්‌සේ ශ්‍රී මහ බෝධිය දෙසට ගමන් කරන්නට විය.


නොච්චියාගම -
එම්. එම්. පී. ජී. පෙරේරා
"දිවයින"

Sunday, February 7, 2016

ලංකාවේ ජනප්‍රියම රාජ්‍ය විශ්ව විද්‍යාල 10



හොදම විශ්වවිද්‍යාලය තොරන එක නම් හරිම අමාරු කටයුත්තක්, වගේ වෙබ් වෙබ් සයිට් විවිධ දත්ත හා පැරාමිටර් පාවිච්චි කරලා එක කටයුත්ත කරනවා. මගේ මේ පුංචි උත්සාහය උනේ ලංකාවේ ජනප්‍රියම විශ්ව විද්‍යාල තෝරන්න. මම මේ සදහා   Google , Bing හා ෆේස් බුක් දත්ත භාවිතයෙන් (Big Data Analysis) ජනප්‍රියම විශ්ව විද්‍යාල 10 තේරුවා.
# 1 කොලඹ විශ්ව විද්‍යාලය

university-of-colombo1 

කොලඹ විශ්ව විද්‍යාලය අගනුවර පිහිටා ඇති අතර රාජ්‍ය ප්‍රමුක කටයුතු සදහා නිතර උපදෙස් හා සේවා ලබා ගන්න ආයතනයකි. චන්ද සමයගේ දී බොහෝ දෙනා ගේ අවධානය මෙම විශ්ව විද්‍යාලය ලබා ගන්නේ ඔවුන් පරිඝනක විශ්ලේශන කටයුතු බාරව ක්‍රියා කරන නිසාය.

#2 මොරටුව විශ්ව විද්‍යාලය

moratuwa

අනෙක්ත් සරසවි පීඨ විශාල ප්‍රමාණයකින් සමන්විත වුවද මෙම විශ්ව විද්‍යාලය පිඨ 3 කින් පමණක් සමන්විතය. නමුත් වැනි විශ්ව විද්‍යාල වර්ගීකරන ප්‍රමාණිත වල මුල් තැන්වලට එන්නට මෙම විශ්ව විද්‍යාලය සමත්ව ඇත. ශ්‍රී ලාංකීය ගණිත විශය දාරාවේ දක්ශම සිසුන්ගේ පලමු තේරිම වන මෙම විශ්ව විද්‍යාලය ලාංකීය තිස්වසරක යුද්ධය නිම කිරිමේදී නිහඩ සේවයක් ඉටුකල ආයතනයකි.

#3 පේරාදෙණිය විශ්ව විද්‍යාලය


University-of-Peradeniya

මහාචාර්ය අයිවර් ජෙනින්ස් හා මහාචාර්ය මහලින්ගම් වැනි ශේෂ්ඨයන්ගේ පහස ලැබූ මේ විශ්ව විද්‍යාලය ලාංකීය විශ්ව විද්‍යාල අතර අනන්‍ය අධ්‍යයන පෞර්ශයක් ගොඩ නගා ගත් ආයතනයකි. අතිශය සුන්දර භූමි භාගයක පිහිටා ඇති මෙම විශ්ව විද්‍යාලය එහි උගත් සෑම දෙනෙකුටම අමතක කල නොහැකි මතක උරුම කර දෙන්නකි.

#4 කැලණිය විශ්ව විද්‍යාලය

kelaniya university

ලාංකීය විද්‍යා, ගණිත, කලා කෙතට ශේෂ්ඨයන් බිහිකල මෙම ආයතනය ස්ථාන 7 ක පැතිරුන පීඨ 6 හා මණ්ධප දෙනකින් සමන්විත විශ්ව විද්‍යාලයකි. 1875 දී රත්මලානේ ධර්මාලෝක හිමි විසින් ආරම්භ කල විද්‍යාලංකාර පිරිවෙන ඇසුරෙන් ඇරඹි මෙම විශ්ව විද්‍යාලය අදටත් භික්ෂු අධ්‍යාපනයේ කැපී පෙනෙන් මෙහෙයක් සිදු කරනවා.

#5 ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

jayawardana

1873 හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි විසින් ආරම්භ කල විද්‍යෝදය පිරිවෙන ඇසුරින් ඇරඹි මෙම විශ්ව විද්‍යාලය පීඨ පහකින් හා අනු දෙපාර්තමේන්තු විශාල සංඛ්‍යාවකින් සමන්විත වෙනවා. නුදුරේදීම දැවැන්ත ඉංජිනේරු පිඨයක කල එලි බැලීමටද ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව ලැබේවී.

#6 ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය

open university

අනෙකුත් විශ්ව විද්‍යාල මෙන උසස් පෙල තරගකාරී ප්‍රවේශය නොව බොහෝ දෙනාට උසස් අධ්‍යාපනය උරුම කරදෙනු වස් පවත්වාගෙන යන මෙම ආයතනය ඉගෙනීමට කැමත්ත ඇති නමුත් වෘතීයන්හි නියැලෙන බොහෝ දෙනා තොරා ගන්නා රාජ්‍ය ආයතනයකි.

#7 රුහුණ විශ්ව විද්‍යාලය

Ruhuna

1978 දී ඇරඹුන මෙම විශ්ව විද්‍යාලය පිඨ හතකින් සමන්විත අතර මාතර ප්‍රදේශයේ මූලිකව පිහිටා තිබෙනවා. එහි ඉංජිනේරු පීඨය ගාල්ලේ පවත්වාගෙන යනු ලබන අතර මේවනවිට දස දහසකට වැඩි විද්‍යාර්ථයින් කලාවේදීන් බිහිකල ආයතනයකි.

#8 යාපනය විශ්ව විද්‍යාලය


jaffnauni
තිස් වසරක යුද්ධයෙන් වැඩිම බැට කෑ විශ්ව විද්‍යාලය වන යාපනය විශ්ව විද්‍යාලය නැවත් කරලියට පිවිස තිබෙනවා. ඒහි පීඨ නවයක්, සිසුන් 5000 ක් , ඇදුරන් දහසකට වැඩි ප්‍රමාණයක් හා නව ප්‍රතිපාදන මගින් වඩාත් ශක්තිමත් වී තිබෙනවා.

# 9 වයඹ විශ්ව විද්‍යාලය

z_p06-Wayamba-08

1999 දී ඇරඹි සාපෙක්ශව නව විශ්ව විද්‍යාලයකි.

#10 සබරගමුව විශ්ව විද්‍යාලය

Sabaragamuwa
1991 දී ඇරඹි තවත් නව ශ්‍රි ලාංකීය විශ්ව විද්‍යාලයකි.

කිශානි ජයසිංහ විජේසේකෙර - රටක සංස්කෘත නිරුවත හෙලි කල ඇය



ඇය කිශානි ජයසිංහ විජේසේකෙර. විශාඛා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස ඇය කටයිතු කරා.. බ්‍රිතාන්‍යයේ නොටින්ග්හම් විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ උපාධිධාරිනියක්. ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක්.

ඇයට නීතිය සහ බටහිර සංගීතය පිලිබඳ විද්‍යාවේදී උපාධි දෙකක් හිමියි. ඇය ඔපෙරා සංගීතය පිලිබඳ විශ්ව කීර්තියට පත් ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තාවයි. ඇය රාජකීය ඔපෙරා හවුස් හි පොදු රාජ්‍ය මණ්ඩලීය නියෝජිතයකු ලෙස දෙවන එලිසබෙත් මහා රැජින ඉදිරියේ තනිව (solo) ගායනයෙහි යෙදුනු පළමු දකුණු ආසියානු ශිල්පිනියයි.ඇය පෙර අපර දෙදිග භාෂා දහයකින් ඔපෙරා ගීත ගායනා කිරීමට සමත්. ඇය ප්‍රංශය, ඉතාලිය , නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, තුර්කිය සහ පින්ලන්තය යන රට වලදී ඔපෙරා ගායනය සඳහා අන්තර්ජාතික සම්මාන සයක් දිනා තිබීම ඇයගේ ප්‍රභාව පිළිබද සහතික කිරීමක්. ඇයට කලාව සහ සංස්කෘතිය පිලිබඳ අකුණු ආසියානු සම්මානය, සොන්ටා සම්මානය, Associate of the Royal Academy of Music (london) for outstanding Alumni and Alumni Laureate of the University of Nottingham යන සම්මාන හිමි ව තිබෙනවා.

ඇය අඛණ්ඩව වසර 3 ක් ශ්‍රී ලංකාවේ ජාතික ඔරු පැදීමේ ශූරිය වූ අතර අන්තර්ජාතික ඔලිම්පික් සම්මේලනයේ සංගීතය පිලිබඳ උපදේශිකාවක් ලෙස සේවය කර තිබෙනවා. ඔපෙරා ශෛලිය තරමක් අපෙ රටට අලුත්. නමුත් යමෙක් එය නොදත් පමණින් එයට ගැරහීම නොකළ යුතුය.. සංගීතය යනු විශ්ව භාෂාවකි. එහි සීමා මායිම් නොදැන තම දූපත් මානසිකත්වය විදහා පෑම නොකළ යුතුය.. ඔබ දන්නා දේ ඉතා සුලුය.. නොදන්නා කාරණා එමටය..

කිශානි ගැන යම් හැඳින්වීමක් කළේ ඇය නිදහස් දින දවසේ පැවති සංස්කෘතික උත්සවයේදී ගායනා කළ දන්නෝ බුදුන්ගේ ගීතයට අපෙ උගත් බුද්ධිමත් විචාරකයන් කර ඇති ලොවෙත් නැති කුණුහරප විචාර දෙස බලා ඇති වුන පශ්චාත්තාපයෙනි..

දන්නෝ බුදුන්ගේ ගීතයෙහි ඉතිහාසය ගැන කිසිදු දැනුවත් භාවයක් නැති හෙන සංස්කෘතික යැයි කියාගන්නා ඩයල් උදෙසා කෙටි කියවීමක් කළ යුතුව ඇත..

"දන්නෝ බුදුන්ගෙ" ගීතය ලියවෙන්නෙ 1905 වසරේ සිරිසඟබෝ නාට්‍යය වෙනුවෙනි.. නීතිඥ ජෝන්ද සිල්වා විසින් රචිත මෙම ගීතයට තනුව සැකසෙන්නෙ 19වන ශතවර්ශයේ විසූ විශිෂ්ඨ ඔපෙරා සංගීතඥයෙක් වන රිචර්ඩ් වැග්නර්ගෙ ඔපෙරා නිර්මාණයක් ආභාෂය කරගෙන බව බොහෝ අය නොදන්නවා ඇති..

ධර්ම බුදුන්ගෙ- ශ්‍රී ධර්මාස්කන්ධා නමින් ලියැවුනු ගීතය ධර්ම-ධර්මාස්කන්ධා ආදී වශයෙන් පුනරුක්ත දෝෂ සහිත වීමෙන් ශබ්ද රසයට සිදුවන හානිය නිසා දන්නෝ බුදුන්ගෙ වීය.. එදා රුක්මණී දේවි ගැයූවේ ඔපෙරා ආභාෂය ලත් ගීයකි..

අද වෙනසකට ඇත්තේ කිශානි එම වෙනස ත්‍රීවව කිරීමයි.. ඔපෙරාවකින් පෝෂ්‍ය වූ ගීතයක් ඔපෙරාවක් කිරීම ගැන ඇති වූ වාදය යට ඇත්තෙ මෙන්න අපෙ සංස්කෘතිය කනවෝ කියා කෑගසා බුකියට බෝසත් එළියට දෙව්දත් කීබෝඩ් වීරයන්ගෙ ගර්ජනාව බව කීවොත් මා නිවැරදි යැයි සිතමි..

ඔබ එයට අකමැතිනම් ඊට කමක් නැහැ. එහෙත් කුණුහරපෙන් පරිභව කිරීමට පෙර මදක් සිතන්න.. අපේ කුඩා රටින් බිහි වුණු විශ්ව කීර්තියට පත් ඇය පිලිබඳ අන්තර්ජාලයේ කියවන්න. ඉන් පසුවද අයව විවේචනය කල යුතුමනම් ඔබ සියලු දෙනා රැකීමට පොරකන සිංහල ජාතියේ හැදියාවට සහ බෞද්ධ දර්ශනයේ කරුණාව පෙරදැරිකරගෙන ශිෂ්ඨ ලෙස ඇයව විවේචනය කරන්න.තමාට කල නොහැකි දෙයක් දෙස විවෘත මනසින් බලන්න. තමාට නොපිටිහි ප්‍රතිභාවට ගෞරව කරන්න..

එයත් බැරිනම් කිසි දිනක දැක නැති ඔබ දන්නේත් නැති ගැහැණියකට "වේසි" , "බැල්ලි" කියා නිකරුණේ පරිභව නොකරන්න.. අ-සිංහල කවුද, අ-බෞද්ධ කවුද යන්න ඔබගේ වචන තුලින්ම දකින්න.

කිශානි ගායනා කළ ඔපෙරා ගායනායක් මෙය සමඟ අමුණා ඇත.. විශ්ව භාෂාවක් වන සංගීතයට ඉමක් නැත.. ඔබ කියාවි හෙට ජාතික ගීයත් ඔපෙරා හෝ රැප් කරොත් අනුමත කරනවද කියා.. උත්තරය නැත යන්නයි.. නමුත් ඔපෙරාවෙන් පෝෂණය වූ ගීතයක් ඔපෙරාවෙන් නව්‍යකරණය වීම ගැටලුවක් විය හැක්කෙ ලෝකය පිළිබද තත්කාලීන දැනුමක් නැති අය විය යුතුය.


දෙරණ මාධ්‍යයෙන් ඇයට බැළලියක් ලෙස සලකා අදහස් දැක්වූ අයුරු. 








උපුටා ගැනීම : අනව තප්ත විල

Thursday, February 4, 2016

Tamil Version of National Anthem of Sri Lanka




After a controversial debate and with huge pressure from the Sinhala community, today the Sri Lanka government allowed to sing the Sri Lankan national anthem in Tamil language. Actually the tamil version was sang in 1948, but after that it never come to surface of a national event. The present Sri Lankan government under a reconciliation effort after 30 years long bloody civil war, this brave decision was taken. This is the video of that historic movement.  





Lyrics

ஸ்ரீ லங்கா தாயே - நம் ஸ்ரீ லங்கா
நமோ நமோ நமோ நமோ தாயே

நல்லெழில் பொலி சீரணி
நலங்கள் யாவும் நிறை வான்மணி லங்கா
ஞாலம் புகழ் வள வயல் நதி மலை மலர்
நறுஞ்சோலை கொள் லங்கா
நமதுறு புகலிடம் என ஒளிர்வாய்
நமதுதி ஏல் தாயே
நமதலை நினதடி மேல் வைத்தோமே
நமதுயிரே தாயே - நம் ஸ்ரீ லங்கா
நமோ நமோ நமோ நமோ தாயே

நமதாரருள் ஆனாய்
நவை தவிர் உணர்வானாய்
நமதோர் வலியானாய்
நவில் சுதந்திரம் ஆனாய்
நமதிளமையை நாட்டே
நகு மடி தனையோட்டே
அமைவுறும் அறிவுடனே
அடல்செறி துணிவருளே - நம் ஸ்ரீ லங்கா
நமோ நமோ நமோ நமோ தாயே

நமதோர் ஒளி வளமே
நறிய மலர் என நிலவும் தாயே
யாமெல்லாம் ஒரு கருணை அனைபயந்த
எழில்கொள் சேய்கள் எனவே
இயலுறு பிளவுகள் தமை அறவே
இழிவென நீக்கிடுவோம்
ஈழ சிரோமணி வாழ்வுறு பூமணி
நமோ நமோ தாயே - நம் ஸ்ரீ லங்கா
நமோ நமோ நமோ நமோ தாயே

English phonatics of the Lyrics

Srī laṅkā tāyē - nam srī laṅkā
namō namō namō namō tāyē

nalleḻil poli cīraṇi
nalaṅkaḷ yāvum niṟai vāṉmaṇi laṅkā
ñālam pukaḻ vaḷa vayal nati malai malar
naṟuñcōlai koḷ laṅkā
namatuṟu pukaliṭam eṉa oḷirvāy
namatuti ēl tāyē
namatalai niṉataṭi mēl vaittōmē
namatuyirē tāyē - nam srī laṅkā
namō namō namō namō tāyē

namatāraruḷ āṉāy
navai tavir uṇarvāṉāy
namatōr valiyāṉāy
navil cutantiram āṉāy
namatiḷamaiyai nāṭṭē
naku maṭi taṉaiyōṭṭē
amaivuṟum aṟivuṭaṉē
aṭalceṟi tuṇivaruḷē - nam srī laṅkā
namō namō namō namō tāyē

namatōr oḷi vaḷamē
naṟiya malar eṉa nilavum tāyē
yāmellām oru karuṇai aṉaipayanta
eḻilkoḷ cēykaḷ eṉavē
iyaluṟu piḷavukaḷ tamai aṟavē
iḻiveṉa nīkkiṭuvōm
īḻa cirōmaṇi vāḻvuṟu pūmaṇi
namō namō tāyē - nam srī laṅkā
namō namō namō namō tāyē

Manusatha - Iraj and Layzie Bone



 Iraj and Layzie has produced a new song which released on the 68th  independence day of Sri Lanka. The theme of the song is on-going heat between Muslim and Sinhala races in Sri Lanka. It contains extracts from real speeches and incidents, such as Galaboda Aththe Gnanasara. It is very new song, just few hours after release when I am writing this blog post. I do not know how Sri Lankans will receipt this song. However, my feeling is this good video which try to express the importance of peace between two nationalities. 


Wednesday, February 3, 2016

බොරු කියන අප්පච්චීට දූ ලියපු ලියුම – බලා කදුලක් නිසැක නැගෙනු ඇත!


ජැන්ඩියට අදින කඩවසම් හුරතල් උද්යෝගී අප්පච්චී ගැන මේ පුංචි කෙල්ල ඉන්නේ හරිම ආඩම්බරයෙන්. ඒ හින්දම එයා ලස්සන ලියුමක් තාත්තට ලියුවා. අප්පච්චී ඉස්කෝලේට එයාව එක්ක යන ගමන් හිමිහිට ඒ ලියුම එයා අප්පච්චීට දුන්නා. අප්පච්චී හරිම සතුටින් ලිපිය කියවන්න පටන් ගත්තා.


මගේ අප්පච්චී තමයි මේ ලොකේ ස්වීට්ම, කඩවසම්ම. එවගේම දක්ශයි. අප්පච්චිට ගොඩාක් ආඩම්බරයි වගේම පොඩ්ඩක් විතර ලැජ්ජයි වගේත් දැනුනා. පොඩි එකා ඒතරම්ම හුරතල්.

තවත් ගොඩාක් හුරතල් දේ ලියලා. අප්පච්චී ස්මාර්ට් ලු. කරුණාවන්තයි ලු. කොටින්ම එයාගේ සුපර් මෑන් ලු අප්පච්චී. ඒවගේම දුව දන්නවා අප්පච්චීට එයා පන්තියේ දක්ෂම ලමයා වෙනවා දකින්න ආසයි කියලත්. ඒත් …… අප්පච්චීගේ ලෝකය කඩා වැටුනේ ලියුමේ ඉතිරිය කියවන කොට.
අපි ලියුම දූත් එක්කම කියවමු.

 
 
 

Followers