Pages

Friday, November 23, 2018

කරච්චි චීන තානාපති කාර්යාලයට ත්‍රස්ත ප්‍රහාරයක්



ගිනිගත් රථයක නැගෙන ගිනි සිලු  (උපුටා ගැනීම ශින්හුවා පුවත් සේවය)

අද (23) චීන කරච්චි කොන්සල් කාර්යාලයට ඉස්ලාමීය ත්‍රස්ථ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙහිදී   5 දෙනෙකු වෙඩි ප්‍රහාර වලින් මිය ගොස් තිබෙනවා. මිය ගොස් ඇත්තේ පකිස්තානු පොලිස් භටයන් දෙදෙනෙකු හා අදුනා නොගත් තවත් තිදෙනෙකු. චීන ජාතිකයන් ඒ අතර ඇතිබවක් වෙසෙසින් දක්වා නැති නිසා ඔවුන්ට කිසිදු හානියක් නැතිබව නිශ්චිත වේ. බිබීසිය වාර්තා කරන අන්දමට චීන පාකිස්තාන සංවර්ධන ව්‍යාපෘතීන්ට විරෝධතා දක්වන ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් (Balochistan Liberation Army) මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබෙනවා. තුන් හතර දෙනෙකුගෙන් යුත් ත්‍රස්තයින් කණ්ඩායමක් තානපති පෙදෙසේ සිටි පොලිස් නිළධාරීන්ට වෙඩි තබමින් අත් බොම්බ විසිකරමින් වාහනයක පැමිණ තිබෙනවා. ඒ මොහොතේ ක්‍රියාත්මක වූ පොලිස් නිළධාරීන් පසුව පැමිනි හමුදා හා පකිස්තානු කමාන්ඩෝ බලකාය සමග ප්‍රතිපහාර දියත් කොට තිබෙනවා. ඔවුන් නිගමනය කරන අයුරින් පැමිණි ත්‍රස්ථයන්ගෙන් තිදෙනෙකුවත් මිය ගොස් තිබෙනවා. ඒ අනුව ඉහත හදුනා නොගත් මිය ගිය තිදෙනාම ත්‍රස්ථයින් වීමට ඉඩ තිබෙනවා.


චීන කොන්සල් කාර්යාලය දෙසින් නැගෙන දුම් (උපුටා ගැනීම ශින්හුවා පුවත් සේවය) 



මෙම සිදුවීම චීන ජාතික පුවත් සේවය වාර්තා කොට තිබුනේ චීන කරච්චි කොන්සල් කාර්යාලයටලෙසින් නොව කරච්චි තානාපති කලාපයේ සිදුවු ප්‍රහාරයක් ලෙසිනි. ඔවුන් වෙසෙසින්ම සදහන් කොට තිබුනේ මෙම තානාපති කලාපයේ ඔවුන්ට අමතරව වෙනත් තානාපති කාර්යාල ඇති බවයි. ලොව පුරා ඔවුන්ගේ  දැවැන්ත සංවර්ධන වැඩපිලිවෙල (එක මාවතක් එක තීරයක්) අභියෝගවලට ලක්වන අතර, ඔවුන්ගේ මාධ්‍ය එබැවු සැගවීමට ගත් උත්සාහයක් ලෙස මෙය හුවා දැක්විය හැකිය. CNN, BBC, Guardian වැනි ජාත්‍යන්තර මාධ්‍ය මෙය චීන කොන්සල් කාර්යාලයට එරෙහි ප්‍රහාරයක් ලෙස වාර්ථා කර තිබේ. ඉන්දියානු මාධ්‍ය තවත් පියවරක් ඉදිරියට යමින් මෙය චීන - පකිස්තාන සබ්දතා වල දෙදරා යෑමක් දැයි මත පල කරනවා.


උපුටා ගැනීම බිබිසිය


උපුටා ගැනීම බිබිසිය


උපුටා ගැනීම ශින්හුවා පුවත් සේවය




No comments:

Post a Comment

Please do not add spam, I highly advise my readers not to follow links appeared in comments. Some web links can harm your computer or those will not suitable for you.