Tuesday, October 13, 2015

වෙලාවකට හිතෙනවා මේවගේ රටක් තොටක් ගැන කිසිම අවබෝධයක් හැගීමක් නැතුව ඉන්න තිබ්බා නම් කියලා.


වෙලාවකට හිතෙනවා මේවගේ රටක් තොටක් ගැන කිසිම අවබෝධයක් හැගීමක් නැතුව ඉන්න තිබ්බා නම් කියලා. අගනුවර හා නිදහස් දිනය විතරක් නොවේ, රටේ  වර්ග පලය, හැඩය හ සීමා මායිම් වගේ දේවලුත් අමතක කලොත් හොද වෙන කාලයක් තමා ඉස්සරහට එන්නේ. රටේ නිදහස් දිනය මේ වයසේ උන්ට අමතක වෙන්නේ අපේ රටේ ඉතිහාස පෙල පොත් දවසින් දවස තුනීවෙන හින්දාද මන්දා? මට මතකයි මම ඔලෙවල් ඉතිහාසය ඉගෙන ගන්න කොට රට ගැන තිබ්බ තොරතුරු පිපාසය නැතිකරගත්තේ අක්කගේ ඒ ලෙවල් ඉතිහාස පොත කියවලා. (ජාතික අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන එකේ පොත, කවුරුත් කියන්න එපා ඒ ලෙවල් ටෙක්ස් පොත් නෑ කියලා. ඒක් නොමිලේ දෙන්නේ නෑ. ඒත් සුලු මුදලක් ගෙවා ගන්න පුලුවන්). කොහොමත් අපේ රට දුරස්ථ පාලකයෙන් පාලනය කරන අයට නම් අවශ්‍යම මේවගේ සෙට් එකක් තමයි. මොකද ඒ ගොල්ලො කිවුවොත් මේටික් අර ගොල්ලගේ මේ ටික ඔයාලාගේ කියලා, හරියට සුඩානෙට කලා වගේ මේවගේ උන් මොනවා හරිවත් කියයිද? 

තව හරියට අපේ රටේ ඉතිහාසය දන්නේ නැති අය ඉන්නවා නම් දැනගන්න අපි නිදහස ලැබුවේ 1948 පෙබරවාරී 4, හැබැයි ඩොමීනියන් තත්වයක් යටතේ. 1954 වෙනකන්ම ගවනර් සුද්දොම තමයි. 1972 වෙනකන් රාජ්‍ය නායිකාව රැජිණ. එහෙම ඉදලා 1972 මැයි 22 තමා අපිට නිදහස් ස්වාධීන ජනරජය කියන තත්ත්වය ලැබුනේ. අගනුවර ගැන කියනවා නම්, මහනුවර අගනුවර වෙලා තිබුනේ කන්ද උඩරට රාජධානිය තිබුන කාලේ. හැබැයි කන්ද උඩරට රාජධානිය තිබුන සමයේ රටේ කොටස් විදේශිකයන් පාලනය කල නිසා මුලු රටටම අගනුවර වෙලා තියෙන්න ඇත්තේ පොඩි කාලයයි. දැන් අපේ රටේ අගනුවර වල් දෙකක් තියෙනවා. එක පරිපාලන අගනුවර, ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ. දෙක් ව්‍යාපාරික අගනුවර මහ කොලඹ. 

No comments:

Followers