Monday, September 25, 2017

Dasun Nishan de Silva has passed away



A facebook post a month ago which hints a such tragedy 

Actor Dasun Nishan de Silva has committed suicide by hanging accoring to Hirunews . Investigations are now underway to ascertain the cause for his death. He is at very young age and following photos are from his Facebook (fb) and Instagram. He was one of Srilankan best popular actor and he performed in Teledramas films and tv commercial actor .

Image may contain: 1 person, standing, cloud, sky, mountain, outdoor and nature

Image may contain: 1 person, outdoor

Dasun Nishan de Silva is posing for a selfie 

He was involved in Avi Kadulu drama project according to his FB. However, it seems a drama to be telecast in future.

Image may contain: 1 person, text


මෙය දියුණු කළ නොහැකි රටකි


මා ඊයේ දිනයේ කොළඹ 07 පිහිටි රජයේ ආයතනයකට ගොඩ වැදුනේ මාගේ ආයතනයේ එක් කේෂ්ත්‍රයක ඉදිරි ගමනට අවශ්‍ය කරන අනුමැති සහතිකයක් ලබා ගැනීමටය. මීට සති දෙකකට ඉල්ලුම්පත ලබා දී තිබුණ බැවින් ඊයේ දිනයේ මට තිබුණේ සහතිකය රැගෙන යාම පමණි. මා එම ආයතනයට ගොඩ වැදුනේ සවස දෙකට පමණය. මා හැරුණු කොට එහි සිටියේ තවත් එක් අයැදුම්කරුවෙක් පමණි. මාගේ කාරණාව කී විට එක් සේවකයෙකු මට වාඩී වී සිටින ලෙස පැවසුවේය. පැය එකහමාරක් පමණ එහි තිබු සියලු පුවත්පත් කියවා අවසන් වුවද ඔවුන් මට කතා කළේ නැත. මේ වන විට මා දහවල් ආහාරයද රැගෙන සිටියේ නැති බැවින් මාගේ ඉවසීමේ සීමාව ද ඉක්මවා යමින් තිබූණි. " තව පරක්කු වෙයිද?" යනුවෙන් ඇසූ මට "පොඩ්ඩක් ඉන්න" යැයි පැවසු එහි සිටි නිලධාරියා ඉන් විනාඩි කීපයකට පසුව ෆයිල් කවරයක් රැගෙන පැමිණියේ ය." මේ ඇප්ලිකේෂන් එකේ හරියට අඩුපාඩු තියෙනවා..පොඩ්ඩක් අර මිස් ගාවට යන්න" යැයි පවසා මා මැදිවිය ඉක්මවූ කාන්තාවක වෙත යොමු කළේය. අප දෙදෙනා අතර ඇතිවුයේ මෙවන් දෙබසකි.
කාන්තාව: මේ සහතිකය දෙන්න බෑ.. මේ ඩොකුයුමන්ට්ස්වල තියෙන අඩුපාඩු දන්වලා අපි 01/ 08/ 2017 ලියුමක් එවලා තියෙනවා. ඒක හම්බු වුණාද?
මම: මට ලියුමක් ලැබුණේ නෑ..අනික මම මේ ඇප්ලිකේෂන් එක දැම්මෙත් සැප්තැම්බර් මුලදි නේ.
(පිළිතුරු නැත)
මම : දැන් මොනවද තියෙන අඩුපාඩු?
කාන්තාව: මුල්‍ය සහතික, බැංකු ගිණුම් වාර්තා දීලා නෑ.
මම: නිතීඥයෙක් සහතික කරපු පිටපත් දීල ඇති ඇප්ලිකේෂන් එකත් එක්ක, ඔය තියෙන්නේ ෆයිල් එක එක ඇතුලේ. ( ඇය එවා පෙරලා බලයි)
කාන්තාව : ආ මේකේ නම් දෙකක් තියෙනවා..කවුද අනෙක් එක්කෙනා?
මම: ඒ තමයි අනෙක් ඩිරෙක්ටර්.
කාන්තාව: ඉතින් එයාගේ නම කම්පනි එකේ නෑ නේ.
මම: ඔය දීල තියෙන Form 20 එක අරන් බලන්න කෝ...ඒකේ තියෙනවා.
කාන්තාව : ආ..එයාගේ නම තියෙනවා නේ ? මට හොයාගන්න බැරුව හිටියේ.
(මට දීර්ඝ හුස්මක් පිට විය.)
කාන්තාව: ඉස්සරහට වෙලා වාඩිවෙලා ඉන්න. මම දැන් හදලා දෙන්නම්.
විනාඩි දහයකට පමණ පසු සේවකයකු පැමිණ මුදල් කුවිතාන්සිය ගෙවා එන ලෙස මට දැන්වීය. එය ගෙවීමට පහල තට්ටුවට යා යුතු විය. මුදල් ගෙවීමට පෙර තවත් දෙදෙනෙකුගේ අත්සන් ගැනීමට මට සිදු විය. ඉන්පසු අදාළ සහතිකය ලබා ගැනීමට වෙනත් කාන්තාවක වෙත යා යුතු විය. මේ අප දෙදෙනාගේ සංවාදය යි.
ඇය: මේ සහතිකය ගත්ත වගේ නෙමයි ඉස්සරහට වැඩ කෙරන පිළිවෙලක් තියෙනවා..මල්ලිට තේරෙනවා නේ.
මම: ඒ කියන්නේ ජරාව දෙන්න ඕනද?
ඇය: ඕව්..දන්නවනේ ඒ තැන්වල හැටි. කට්ටිය අල්ල ගත්තේ නැත්නම් කිසි වැඩක් කරගන්න බෑ...හැබැයි මෙහෙ නම් එහෙම නෑ.
මම: ඇයි මෙහේ ඉන්න මාර්ගඵල ලාභීන් ද?
(ඇය හිස ඔසවා මා දෙස බැලුවේ සතෙකු ගොදුරක් දෙස බලන්නාක් මෙනි. )
ඇය : මෙහෙත් ජරාව ගන්න අය ඉන්නවා ඇති..ඒත් මම නම් එහෙම නෑ.
ඇය අත්සන දැමූ පසු මා ඉල්ලුම් කළ සහතිකය ලබා ගැනීමට හැකි විය.
මෙහි සේවකයන් ගමන් කරන්නේ පොළවට රිදේ යැයි සිතා විය යුතුය. ජංගම දුරකථනය අත තිබෙන නිසා මෙවැනි තැන්වල අපතේ යන කාලයෙන් පුවත්පතකට ලිපියක් හෝ ලිවිය හැකිය. එමගින් අවධානයත් වෙනතකට යොමුවන නිසා කේන්තියද පාලනය වේ.දුරකථනයක් මා අත නොතිබුණේ නම් ඉවසීමේ නහරයක් පුපුරා මිය ගොස් බොහෝ කල්ය.
(මෙය සංවර්ධනය වෙමින් පවතින රටක් නොවේ...කිසිදා සංවර්ධනය කළ නොහැකි රටකි.)

අන්ඡා රින්ග්‍රීන් , ඩෙන්මාර්කය Anja Ringgren




===================================
අන්ඡා රින්ග්‍රීන් ඩෙන්මාර්කයේ ධනවත් ගැහැනියකි , ඇය ගත කලේ පුර්ණ නිදහස් ,කෙලිලොල් සමාඡ ඡීවිතයකි. මෝස්තර නිරෑපිකාවක් සේ විලාසිතා කෙරෙහි දැඩි ලෙස ආශාක්ත එමෙන්ම දඩබිබර හා රැඩිකල් ඡීවිතයක් ඩෙන්මාර්ක් සමාඡය තුල ඇය ගෙවමින් සිටියාය. එක් දිනක් ඇය යු ටියුබි වෙතින් Witch Children of Africa.නමි වු වාර්තා වැඩ සටහන නැරඹුවාය. එය ඇගේ ඡිවිතයේ ප්‍රබල සංධිස්ථානයක් මෙන් හැරවුමි ලක්ෂයද විය.එය එපමණටම ඇයව කමිපාවට පත් කර තිබුණාය . මුලු දවස පුරාම එය මෙනෙහි කරමින් සිටි ඇයට ප්‍රථම වතාවට සිය රාත්‍රි කෑම වෙිල රැචි නොවීය. එවිට ඇගේ අමිමා මෙසේ ඇසුවාය
‘‘ ඔයා තාම අර නයිඡිරියන් ළමයි ගැනද හිතන්නෙ “‘
සත්තකින්ම ඇය සිතමින් සිටියේ ඔවුන් ගැනය. ඇය නැරඹු වාර්තා වැඩ සටහනේ තිබුනේ නයිඡිරියාවෙි අන්ධ හා මිත්‍යා විශ්වාසයන්ගෙන් පිරැනු සමාඡ ක්ෂේත්‍රවල මවුවරැන් සිය දරැවන් තම පවුලට උපද්‍රව හා හානි පමුනුවතැයි යන මිත්‍යා විශ්වාසයෙන් ඔවුහු මහ මග අතැර දමා යන සිත් කමිපා කරවන දර්ශනයන්ය. කිසිවෙකු ඔවුනට වතුර පොදක් හෝ දීමට මැලි වෙති. මක් නිසාද ඒ මායාකරැවන් හෝ යක්ෂයාගේ දරැවන් බැවිනි.මෙසේ අතහැර දමන්නේ බොහෝ විට අවුරැද්දක් දෙකක් පමණ වයසැති දරැවෝය. ඔවුහු වතුර ටිකක් කෑම ස්වල්පයක් හොයාගෙන කෑමට නොහැකි තරමි අසරන ශක්ති හීන දරැවෝ වෙත් ඉදින් සතියක් දෙකක් යනවිට උන් මියෑදෙති.
අන්ඡාගේ සිතේ දැන් කෙලිලොල් බව පලා ගොස්ය මම මෙි ගෙවමින් සිටින්නේ මොන තරමි නිස්කාරන නීරස ඡිවිතයක්දැයි සිතු ඇය තීරණයකට එළඹියාය ‘‘ මම යනව නයිඡිරියා “‘ හිතුවක්කාර ඇය එය ක්‍රියාවට නංවමින් 2008 දී නයිඡිරියාවට ඇතුල් විය . මෙි පිලිබද තොරතුරැ හඹා ගියාය. ඔවු ! . ඒවා සියයට සියයක්ම සත්‍ය කරැණුය. පෙරලා ඩෙන්මාර්කයට පැමිණි ඇය සිය ඉඩමි සහ ගෙවල් විකුණා දැමිමාය. සිය සැමියා සුදානමි කරගත් මෙි රැඩිකල් ගැහැණිය සුවපහසු ඩෙන්මාර්කයට ආයුබෝවන් කියා
දුෂ්කර දුගී දුප්පත් නයිඡිරියාවෙි පදිංචි විය. ඇය එහි විශාල ඉඩමක් මිලදී ගෙන එහි නේවාසිකාගාරයක් සහ පාසැලක් ඉදි කලාය ‘‘ අප්‍රිකානු දරැවන්ගේ අධ්‍යාපන හා සංවර්ධන පදනම ‘‘ යනුවෙන් එය නමි කලාය. සියල්ල කලේ ඇගේ පුද්ගලික ධනයෙනි. අණතුරැව අන්ඡා නයිඡිරියානු ගමි නියමි ගමි පීරමින් මහ මග අතහැර දමනා දරැවන් සොය සොයා ඇදුනාය . මෙි මනස්කාන්ත හදවතක් හිමි ගැහැනියගේ දෑතින් වඩගෙන කවන පොවන හා අධ්‍යාපනය ලබන මහ මග විසිකර දමා ගිය දරුවන් 2017 -9-22 දින වනවිට 36 දෙනෙකු සිටි.නයිඡීරියාවෙි පාලුවට ගිය මං මාවත්තුල කුනු බක්කි අසල මරණය එනතුරැ බලා සිටි දරැවන් .36 දෙනෙකුගේ අනාගතය මෙි මානව හිතවාදි ඩෙනිෂ් ගැහැනිය දිදුලවන බවට මට කිසිදු සැකයක් නොමැත. ඔබට ස්තුති වෙිවා අන්ඡා රින්ග්‍රීන් සෙයුරියනි. මැතිණියනි, මාතාවනි !

Sunday, September 24, 2017

ගල් කැටයක් ගෙනාවෙමි නුබේ නම ගම උරච්චි කරලා යන්න

Image may contain: one or more people, people standing, wedding and outdoor

ඉරී ගිය පන් මල්ලේ
ගල් කැටයක් ගෙනාවෙමි
නුබේ නම ගම උරච්චි කරලා යන්න
ඒ රොප්පෙ මහත්තුරු උබේ නම හොයනවලු
උබේ සොහනටත් නඩු දාන්න පුලුවන්ලු
එහෙමත් පුලුවන් ඇති පුතේ
දැන් වෙන දේවල් වලට
සුදු දූ ඉස්සර වගෙ නොවේ
පෝං එකෙමයි දසාව
උඹ ගමට එනකොට නිතර ආව ගිය එකා
අන්න ඌ එනව ගේ පැත්තේ කැරකෙන්න
මතකත් නැතුව ඇති ගමම ආවා ගියානේ
පිලේ උබ වටකොරාන විස්තර අසාගන්න
තාමත් මම බුදියන්නේ
උබට ගහපු පොස්ටර් උඩ
අර උබ වීරයෙක් කියල
හන්දි ගානේ ගහපු ඒවා
උබට පින් අයිතිවෙන්න
මාලු පිනිටිකක් උයාගෙන
කන්දේ පන්සලට ලගදිත් ගෑටුවා මම
ලොකු සාදු නම් නැ අවේ පින් පෙත් පමුණුවන්න
ඇබිත්තය තමයි ආවේ දන් වේල බාරගන්න
අනේ බුදු පුතේ කරදර කලාද මං උබට
උබට ඇර මෙවා වෙන කාට මංකියන්නද?

Saturday, September 23, 2017

The facet of True Love!



2004. I was 17 when I saw a new girl walk past my classroom. I couldn’t stop staring. I had never seen anyone like her. Over time, we became friends but my heart sulked every time I saw her with someone else. Soon, I stopped talking to her even though she had no idea why. After the exams, she filled in my slam book saying she wanted to talk, but it never happened. I got into college but never met another soul like her. She moved to Bangalore.

In 2007, I got a call on my birthday. The voice introduced herself as Sunitha. My heart started beating like the 17-year-old I was. The call lasted only two minutes but for me, it was like eternity. We stayed in touch occasionally, but soon got busy with our lives.

In November 2011, I suddenly got a call from a mutual friend saying Sunitha had an accident and she was in Coimbatore. Did I want to meet her? I thought it would be something minor, so I called her two days later. I did not recognise the voice that answered. When I went to visit, I saw a person with no hair, a disfigured face, no nose, no mouth and no teeth, walking like a 90-year-old. I was stunned. I broke down. That moment, I realised that I love her. Later that night, I sent her a text. I am the only person who can take care of you. I love you. Let’s get married. I said. She called and I proposed again. She laughed but she didn’t say no. Initially my mother was shocked but my dad backed me, and eventually they both came around.

January 2012 onwards, I was there for all her surgeries and would watch her giggle as she woke up after them in the ICU. We started knowing life as it is together and we had our ups and downs but we always got past them. I evolved for her and shifted to Bangalore, but it taught me to be a more confident person.

On January 26th 2014, I reached Bangalore at 1 AM and was exhausted. I saw her standing on the terrace with three roses to propose. I said yes. We got engaged on the same day. Marriage preparation began in earnest.

It was frenzy, the run-up to the marriage. There were many problems. Because of our financial situation, on the morning of our reception, I was in shorts sweeping the place. There were people who questioned why we needed a wedding now. They even asked her not to have babies because they’d have her face. People still look at her with pity and think I did a big thing by marrying her. The reality is, I married the love of my life and my life changed for the better. Today, we have two kids and wonderful mornings to wake up together.

Today, I am married to my teenage crush. She became my love. Love isn’t about a face or imposed conditions or external beauty. It is a connection of souls. It feels right. All I know is that I love her to the moon and back, infinity and beyond, forever.
Jayaprakash, Sunitha, Atmia and Atmik

වරද ඔවුන්ගේද? ලමුන් සැපයූ නිළධාරීන් හා දේශපාලුවන්ගේ ද?



වෙඩිමෙන් පසු මනාලිය පෙරලාගෙන ආතල් ගන්නට මනාලයා සිහින මැවුවා විය හැක. නමුත් දැන් සිදුවී ඇත්තේ අනිකකි. මුලු රටක්ම යුවල පෙරලාගෙන පහර දෙති. දිගම සාරි පොටේ ප්‍රශ්ණයක් ඇත. එය අප පිලිගන්නෙමු. ඔවුන් පාසලකම ලමුණ් ගෙන්වාගෙන තම මංගල දිනය දිවි පවතින තුරාවට පංපෝරි කෙලීමට අවස්ථාවක් කර ගන්නට තැනුව්ය. ආ ලමුන් නෑයින්ගේ නොවේ. හිතවතුන්ගේ නොවේ. ඔවුන්ට අඩු තරමේ බීම විදුරුවක් වත් ලැබුනාදැයි සැක සහිතය.නමුත් වරද ඔවුන්ගේද? ලමුන් සැපයූ නිළධාරීන් හා දේශපාලුවන්ගේ ද?

දෙවියන් වූ ආගමන විගමන නිළදරුවන්!



අද උදැසන ආගමන පරිශ්‍රයේ හඩමින් සිටි මෙම වියට්නාම් කාන්තාව අපට හමුවිය. වියට්නාම භාෂාව හැර වෙනත් භාෂාවක් නොදන්නා ඇයට උදව් කිරිමට කිසිවෙක් නොවිය. ප්‍රධාන ආගමන නිලධාරි යාපා මහතාත් මාත් දන්නා තරම් භාෂාවලින් කථාකලත් පලක් නොවිය. අවසානයේ එක් විසදුමක් ලැබුනි. ඒ ඇය සතුව තිබු ජංගම දුරකථනයයි. මගේ දුරකථනයේ ගුගල් ට්‍රාන්සලේටර් හරහා වියට් භාෂාවට පරිවර්තනය කර කල යුතු දේ පෙන්වුයෙමි. ඇයද වහා ක්‍රියාත්මක වි වියට් බාෂාවෙන් ඉංග්‍රිසිය ට පරිවර්තනය කර පෙන්විමටසමත් විය. ඒඅනුව දින දෙකක් කැමක් නැතිව වතුර පමනක් බි සිටින බවත් මිලග ගුවන් යානයෙන් වියට්නාමයට යාමට ක්‍රියා පිලිවෙල නොදන්නා බවත් උදව් කරන ලෙසත් ඉල්ලා සිිටියා. කැමට යමක් ලබාදිමට යාපා මහතා වහාමක්‍රියා කර අදාල ගුවන් සමාගම් වලට ද කථාකර සියල්ල විසදිමට හා පරිවර්තකය මගින් සියලු ක්‍රමවේදයන් ඇයට දැන්විමටත් අපට හැකිවුනා. මෙය අපගේ රාජකාරි වල මෙහි සටහනක් තැබිමට තරම් නොවන අහඹු හුදකලා සිදුවිමක්වුවත් අවසානයේ අපට ස්තුති කර ඇය දුරකථනයේ තැබු සටහන සංවේදි එකක්

Thank you finally god led me to the humans.

වියට්නාම් බසින් තැබු සටහන ඉංග්‍රිසියට පර්වර්තනය වුයේ එසේය.දෙවියන් විමට බැරි අපට මනුෂ්‍යයන් විමට හැකිව්ම අතිශය සතුටක්

මෙය උපුටාගන්නා ලද්දේ ආගමන විගමන නිළධාරී අලහකෝන් චන්ද්‍රලාල් මහතාගේ මුහුණු පොතෙනි



ඔවුන්ට වෛර කිරීමට පෙර සිතා බලන්න



"ඩොක්ට අද strike කරන්නේ නැද්ද?"
සීමාවාසික වෛද්‍යවරයෙකු ලෙස සේවය ආරම්භකරලා මාස දහයක් සම්පූර්ණවූ අද දවසේ වෙනදාටත් වඩා කලින් ලෑස්ති වෙලා වාට්ටුවට දිහාවට හදිස්සියේම දුවන මාව දැක්ක ගමන් ලෙඩ්ඩු අහපු ප්‍රශ්නයක්.
වෛද්‍ය වැඩ වර්ජන පිළිබඳ සමාජයේ තියෙන වැරදි ආකල්පය පෙන්වන්න මීට වඩා හොඳ උදාහරණයක් තවත් නෑ.
“Strike කියලා වාට්ටු වහන්න පුලුවන්ද?” මම සිනහස මුසු මුහුණෙන් කියාගෙන ගියෙමි.
Strike එකක් තියෙනවද කියලා ඊයේ හවස ඉඳල මගේ phone එකෙයි facebook එකෙයි පණිවිඩ වැහිවැහැලා.
“ඔව් මචන් strike එක තියෙනවා. OPD සහ clinic විතරයි නැත්තේ. වාට්ටු, ශල්‍යාගාර සහ සියලු හදිසි සේවා සාමාන්‍ය විදියට වැඩ. බය වෙන්න දෙයක් නෑ. අමාරු නම් OPD එකට කියලා වාට්ටුවකට admit උනා නම් ප්‍රතිකාර ගන්න පුලුවනි.”
වැඩ වර්ජනයක් දවසේ රෝහලක් ‍ඇතුලේ කොහොම වාතාවරණයක් ඇත්ද?
විද්‍යුත් මාධ්‍යයෙන් නම් මම ඉහළින් දාලා තියෙනවා වගේ OPD එකේ බලු බල්ලෙක් නැති වයසක තාත්තා‍ කෙනෙක් බිම බුදියගෙන ඉන්න ෆොටෝ එකක් දාලා කියයි රටේ මුලු සෞඛ්‍ය සේවාව අඩපණවී ඇත කියලා.
ඒ කතාවෙත් ඇත්තක් නැතුව නෙවෙයි. ඒත් OPD එක කියන්නේ ඉස්පිරිතාලේ එක පොඩි කොටසක් පමණයි කියන එක සමහරුන්ට ඒතරම් තේරුමක් නැති බවක් පේනවා. ඒත් ඉස්පිරිතාලයක් ඇතුලේ ඊට වඩා ගොඩක් දේවල් සිද්ධ වෙනවා.
උදෑසන රෝගීන් බැලීම මම පුරුද්දක් විදියට උදෑසන 7ට කලින් ආරම්භ කරනවා. වෛද්‍ය වාට්ටුවක (නැත්නම් සාමාන්‍ය ජනවහරින් උණ වාට්ටුවක) සේවය කරන මට සාමාන්‍යයෙන් වාට්ටුවේ ලෙඩ්ඩු දවසට දෙතුන් පාරක් පරික්ෂා කර බලන්නට වෙනවා. උදෑසන ලෙඩ්ඩු ටික බලල එනකොට 8 පහු වුනා. මේ ටිකට අලුත් ඇඩ්මිශන් 8ක් විතර ඇවිත් තිබුනා. ඇඩ්මිශන් කොල ටික අතට අරගෙන බලාගෙන යනකොට දෙන්නෙක් ඇරුණු කොට අනිත් හය දෙනාම පොඩි පොඩි අමාරු වලට OPD එකෙන් බේත් අරන් යන්න ආපු උදවිය බව තේරුම් යන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ.
ඒ මදිවට අද clinic දවසක් නිසා වාට්ටුවේ එක් වෛද්‍යවරයෙක් ඇරුනාම අනිත් සේරම clinic එකට යනවා. ඉතින් මම උදේ පැයක් හමාරක් වාට්ටුවේ ලෙඩ්ඩු බලල ඉවරකළාට පස්සේ තමා ‍ඒ කාලය තුළ ආපු admission ටික බලන්න වෙන්නේ. ඉතා හදිස්සි රෝගියෙක් නොවේ නම් කවුරුත් සාමාන්‍යයෙන් මගේ උදේ ward round එකට බාධා කරන්නේ නෑ. OPD එකෙත් රස්තියාදු වෙලා ආපු ලෙඩ්ඩු මේ වෙනකොට වාට්ටුවෙත් පැයක් ‍විතර බලං හිටපු නිසා ටිකක් ප්‍රවේශමෙන් කතා කරන්න ඕන බව මට තේරුණා.
“මොකද්ද ම‍හත්තයෝ මේ කරන ‍විකාරේ. ඇයි මෙහෙම ‍මිනිස්සුන්ගේ වෙලාව නාස්ති කරන්නේ ඔයාලගේ වාසි බලාගෙන? අපි දැන් කීයේ ඉඳලද මෙතන බලන් ඉන්නේ?”
මම සියල්ල සාවදානව අසා සිටියෙමි.
“බලන්න ප්‍රමාද උනාට සමාවෙන්න. ඔයා විතරක් නෙවෙයි නේ මෙතන ඉන්න ලෙඩා. වාට්ටුවෙ ලෙඩ්ඩු බලන වෙලාව මේක. හදිස්සි ලෙ‍ඩෙක් ඇරුනුකොට ඒවෙලාවට ආවොත් ටිකක් ඉන්න වෙනවා ඉතින්. Strike දවසක් උනත් නැති දවසක් උනත් එකේ වෙනසක් නෑ. අනික මට කලින් තව මහත්තයෙක් ඔයාව බලලයි එවලා තියෙන්නේ වාට්ටුවට. ඒ මහත්ත‍යා හදිස්සි නම් මේ කොලේ ලියලා එවනවා” මම කියාගෙන ගියේ ඇඟට නොදැනීම.
මේ ටික ඇහුනට පස්සේ ඒ තාත්තා සද්දයක් නෑ.
“මොන අමාරුවටද අද ඉස්පිරිතාලෙට ආවේ?”
“ඔලුව කැරකෙනවා ව‍මනේ යනවා. මට සෑහෙන කාලෙක ඉඳල සීනි ‍තියෙනවා.”
මිස් CBS එකක් බලන්න. හෙදියට මම කීවෙමි.
CBS – 523.
“තාත්තේ සීනි හොඳටම වැඩීනේ? බේත් ගන්නේ කොහෙන්ද?”
“මහත්තයලාගේ clinic එකෙන්ම තමයි. කොහෙද අපි එන හැම දවසකම strike නේ. ඉතින් බේත් කොහෙන්ද?”
වැඩ වර්ජනය පිළිබඳ වැරදි ආරංචි වල ගොදුරක් බවට මේ අසරණ පියා ගොදුරුවී ඇති බව මට තේරුම් යන්නට වැඩි වේලාවක් ගතවූයේ නෑ.
“ඒක බොරු කතාවක් නේ. අදත් clinic දවසක්. මම විතරයි වාට්ටුවේ ඉන්නේ. අද අනිත් දොස්තරලා ‍ඔක්කොම clinic ගිහිල්ලා මොනවා කරනවා ඇති කියලාද තාත්තා හිතන්නේ?”
“ඒ මහත්තුරු ‍නිවාඩු දාලා ගෙදර වෙන්නැති.” ඔහු කියන්නත් පෙර මම මේ පිළිතුර අපේක්ෂා කළෙමි.
“Strike කියලා කාටවත් ගෙදරට වෙලා ඉන්න බෑ. අනිවාර්යයෙන්ම සේවයට වාර්තා කරන්න ඕන. රෝහල ඇතුලේ ඉන්න ඕන. වාට්ටු වල ලෙඩ්ඩු බලන්න ඕන. Clinic වලත් report බලල පොත් ලකුණු කරලා බේත් දෙන්න ඕන. සීනි, පෙශර්, පපුවේ අමාරු වැඩි වෙන්න එක දවසක් බේත් නොබී හි‍‍ටියොත් හොඳටම ඇති. OPD වල බේත් අරන් ගෙදර යන්න විතරයි බැරි. මේ ඕනම අවස්ථාවක අමාරු ලෙ‍ඩෙක් ආවොත් බලන්න ඕන. තාත්තා clinic එකට ඇවිත් බේත් නොදී හරවලා යැව්වද?”
ඔහු නිරුත්තරයි. ඔහු කාගේ හෝ බොරු ආරංචියක් අසා පිට පිටම clinic පැමිණ නැති බව පොත බැලූ විට මට වැටහුනි.
“දැන් අද ඔයා අමාරුවෙලා ආවම අද බැලුවේ නැද්ද OPD දොස්තර?”
ඔහු බිම බලාගෙනය.
කවුද මේවට වගකියන්නේ?
වෛද්‍යවරු විදියට ජනතා‍වගේ ප්‍රශ්නයක් වෙනුවෙන් අරගල කරන අපිටම තමයි වැරැද්ද පටවන්නේ කවුරුත්. ඒත් අවධානයෙන් මේ සිදුවීම දිහා බලන බුද්ධිමතෙකුට වැරැද්ද වෙලා ‍තියෙන තැන තේරෙනවා.
ජනතාවට වෛද්‍ය වැඩ වර්ජනයකදී රෝහලක් ක්‍රියාත්මක ‍වන ආකාරය පිළිබඳව මාධ්‍ය මඟින් කාවද්දලා තියෙන වැරදි අදහසයි මේකට මූලික හේතුව.
මේ වෙලාවේ හදිස්සියෙම වාට්ටුව භාර කායික රෝග විශේෂඥ වෛද්‍යවරයා පැමිණියා.
“පුතා shall we do a quick round?”
සර් සමඟ වාට්ටුවේ ලෙඩ්ඩු ඉක්මණින් බලා ඉවරකරලා මම නැවතත් කපපු ටිකට් ටික උස්සන් ආවේ discharge summary ටික ලියලා ඉක්මණට ටිකට් කපපු ලෙඩ්ඩු ටික ගෙදර යවලා වාට්ටුව හිස් කරන්න. ඒ අද අද OPD බෙහෙත් දෙන්නැති නිසා වාට්ටුවෙන් බේත් දෙන්න කියලා ලෙඩ්ඩු සේරම ඇඩ්මිට් කරන නිසා. මේ ලෙඩ්ඩු ඔක්කොම පහුවදා සර් බලන තුරු අපිට වාට්ටුවේ ති‍යාගෙන ප්‍රතිකාර දෙන්න වෙනවා.
‍උණ වාට්ටුවක් උනත් සමහර වෙලාවට ශල්‍ය වෛද්‍යමය ගැටලු සහිත ලෙඩ්ඩුත් අපේ වාට්ටුවේ ඉන්නවා. ඉතින් ඒවගේ අවස්ථාවක අපිට ශල්‍ය වෛද්‍ය අංශයේ උපදෙස් ලබාගන්නට වෙනවා. ඉතින් මේවගේ ලෙඩෙක් ගැන වැඩි උපදෙස් ගන්නයි ඉන්පසු මම ශල්‍යාගාරය පැත්තට ගියේ.
ශල්‍යාගාරයේ නම් strike එකක පාටක්වත් තිබුනේ නෑ.
එක් පැත්තක ගැබ්බර අම්මලා තුන්දෙනෙක් සීසර් කරන්න ගෙනත් සුදානම් කරලා තිබුනා. තව හදිස්සි අනතුරු වෙලා ආපු කීපදෙනෙකුත් ශල්‍යකර්ම වලට සුදානම්වී සිටියා.
“සර්ව නම් හම්බ‍වෙන්න වෙන්නේ නෑ. සර් emergency surgery එකක්.” ශල්‍යාගාරයේ හෙදියක් කියාගෙන ගියේ මම පිටතට වෙලා බලන් ඉන්නවා දැකලයි.
“හරි මිස් ඉවර උනාම කියන්න ward 08 එකේ referral එකක් සර්ට තියෙනවයි කියලා. Urgent නෑ කියන්න.”
මම රෝගියාවත් රැගෙන ආපසු ආවේ ඔහුට වඩා අවදානමක ඇති රෝගියෙකුට ප්‍රතිකාර කරන ශල්‍ය වෛද්‍යවරයාට බාධා කරන්නට නොහැකි නිසා.
වෙලාව දවල් ‍12යි.
Clinic එක ඉවර කරලා මගේ අනෙකුත් ‍සහෝදර වෛද්‍යවරු නැවත වාට්ටුවට ඇවිත් හිටියා.
“අදත් හාරසීයක් විතර හිටියා බන්. තුන්සිය ගානක පොත් බැලුවා. සීයක් විතර ඇතුල‍ට අරන් බැලුවා අමාරුයි කියලා. මහන්සී බන්. උදේ ඉඳල කාලත් නෑනේ? තේ එකක් බොමු?”
කැන්ටිමට ගිහින් තේ එකක් බීලා ව‍ඩේ එකක් ගිලදැම්ම අපි බලන්නත් එක්ක OPD එක පැත්තෙන් ආපහු ‍ආවේ. වෙනදා වගේ OPD එකේ වෛද්‍යවරු පස් දෙනාම හිටියේ නෑ. ඒ වෙනුවට එක වෛද්‍යවරයෙක් බැනුම් අහ අහ ලෙඩ්ඩු කන්දරාව අතරින් අමාරු ලෙඩ්ඩු වැඩිදුර ප්‍රතිකාර වලට තෝරමින් සිටියා.
මේ ටික කියෙව්වම ඔයාලට හිතෙනවා ඇති ඇත්තටම මොකද්ද මේ strike කරන විදිහේ තේරුම කියලා.
Strike එකක් හැ‍ම වේලාවකම කෙරෙන්නේ මහජනතාවට අඩුම බලපෑමක් වෙන විදියට.
සාමාන්‍යයෙන් වෘත්තීය සමිති වලින් තමන්ගේ වෘත්තියට අදාළවයි ඉල්ලීම් කෙරෙන්නේ. නමුත් මේ strike එක අවංකවම අපේ ඉල්ලීමක් දිනාගන්න කරන එකක් නෙවේ.
මේ strike එක අඩු සුදුසුකම් සහිත වෛද්‍යවරු බිහිකිරීම සහ ඔවුන් සේව‍යේ යෙදවීමට ‍එරෙහිවයි ක්‍රියාත්මක වෙන්නේ.
අඩු සුදුසුකම් සහිත වෛද්‍යවරු බිහිවුනා කියලා දැනට සේවය කරන වෛද්‍යවරුන්ට තියෙන ගැටලුව මොකද්ද?
අපේ පවුල් වල අයට බේත් ගන්න අපිට පිට වෛද්‍යවරු අවශ්‍ය නෑ. ‍ඒ වගේම සුදුසුකම් තියෙන වෛද්‍යවරු හඳුනාගන්නත් අපි දන්නවා.
එතකොට කාටද බැරි?
ඔබට වෛද්‍යවරයෙකු ඉදිරියට බේත් ගන්න ගියහම කවදාවත් ඔහුගේ සුදුසුකම් මොනවද කියලා හොයලා බලන්න වෙලා තියෙනවද? නෑ නේද?
ඒ ලංකාවේ වෛද්‍ය සභාව නැමැති අපක්ෂපාතී ආයතනය මඟින් සියලු වෛද්‍යවරු ආරක්ෂිත බවට තහවුරු කරලා තියෙන නිසා.
නමුත් ඉදිරියේදි ඒක එහෙම නොවුනොත් ඔබේ නිදහස් සුරක්ෂිත සෞඛ්‍ය සේවාවක් ලබා ගැනීමට ඇති මූලික අයිතියට මොකද වෙන්නේ?
පොඩ්ඩක් හිතලා බලන්න.
සත්‍ය සිදුවීමකි.

Followers