Sunday, September 24, 2017

ගල් කැටයක් ගෙනාවෙමි නුබේ නම ගම උරච්චි කරලා යන්න

Image may contain: one or more people, people standing, wedding and outdoor

ඉරී ගිය පන් මල්ලේ
ගල් කැටයක් ගෙනාවෙමි
නුබේ නම ගම උරච්චි කරලා යන්න
ඒ රොප්පෙ මහත්තුරු උබේ නම හොයනවලු
උබේ සොහනටත් නඩු දාන්න පුලුවන්ලු
එහෙමත් පුලුවන් ඇති පුතේ
දැන් වෙන දේවල් වලට
සුදු දූ ඉස්සර වගෙ නොවේ
පෝං එකෙමයි දසාව
උඹ ගමට එනකොට නිතර ආව ගිය එකා
අන්න ඌ එනව ගේ පැත්තේ කැරකෙන්න
මතකත් නැතුව ඇති ගමම ආවා ගියානේ
පිලේ උබ වටකොරාන විස්තර අසාගන්න
තාමත් මම බුදියන්නේ
උබට ගහපු පොස්ටර් උඩ
අර උබ වීරයෙක් කියල
හන්දි ගානේ ගහපු ඒවා
උබට පින් අයිතිවෙන්න
මාලු පිනිටිකක් උයාගෙන
කන්දේ පන්සලට ලගදිත් ගෑටුවා මම
ලොකු සාදු නම් නැ අවේ පින් පෙත් පමුණුවන්න
ඇබිත්තය තමයි ආවේ දන් වේල බාරගන්න
අනේ බුදු පුතේ කරදර කලාද මං උබට
උබට ඇර මෙවා වෙන කාට මංකියන්නද?

No comments:

Followers